Wednesday, February 8, 2017

සැමරීමට තරම් නිදහසක් නොමැත

මුහුද මැද්දෙ පුන්චි දූපතක ඉන්න අපි අභිමානවත් ජාතියක් විදිහට නිදහස් උත්සවය සමරනවා. ඒ අතරතුරේ අන්තර්ජාලයේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා රැල්ලක් යනවා ජාතික කොඩිය එකම වෙලාවක තමන්ගෙ ෆේස් බුක් ගිණුමෙ කවර් පොටෝ එක විදිහට දාලා මාර්ක් සකර්බර්ගෙ අවදානය ගන්න ඕන කියලා. ඔබත්, මමත් ඇතුළුව බහුතරයක් දෙනා රැල්ලට එකතුවෙනවා. නිදහස ගැන හැගීමක් අවබෝදයක් නැතිව හරි ලාංකිකයො විදිහට ඒ වගෙ එකමුතුකමක් තියෙන එක ගැන ආඩම්බරයක් දැනෙනවා.. ඔන්න ඔය අතරතුරෙ මට එක්තරා විදිහක අමුතු පෝස්ට් එකක් දකින්න ලැබෙනවා "නිදහස නිදහසේ සැමරීමට තරම් නිදහසක් නොමැත" මාර්ක් සකර්බර්ග්ට අපේ අභිමානය දැනෙනවට වඩා වේගෙන් මට ඒ වචන ටික දැනෙන්න ගන්නවා.
ඇත්තටම ඒ පොස්ට් එක ඇතුලේ අමුතු කතාවක් තියෙනව.විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙක් ඔවුනට සිද්ධවුණ අසාදාරණ යැයි හැගෙන සිදුවීමකට එරෙහිව කතාකරනවා. ඒ කතාකිරිමේ ප්‍රතිප්ලයක් විදිහට ඔවුන් කිහිපදෙනෙකුට පංති තහනම් වෙනවා. ඔවුන් වෙනුවෙන් අනෙක් සහොදර සිසුන් පාරට බහිනවා. ඒ කියන්නෙ දෙපිරිසක් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ අතරතුර බහුතරයක් සිසුන්ගෙ පැමිණීම 80%ට වඩා අඩුවීම මත ඉවුනට විභාගයට පෙනී සිටීමේ හැකියාව අහිමිවෙනවා. කිහිප දෙනෙකුට පමණක් 80% නොමැතිවීම සාමන්‍ය සිද්දියක් ලෙස වටහාගතහැකි වුවත් සියළුම සිසුන්ට විභාගය අහිමිවීමේදි කොහේ හරි තැනක වැරැද්දක් සිද්ධවෙනවා කියලා එහෙමත් නැත්නම් අර ගැටුමෙ අතුරු ප්‍රතිඵලයක් කියල හිතෙන්න තියෙන ඉඩ වැඩිවෙනවා. කොටින්ම කතාකිරිමේ නිදහස උල්ලංඝනය වුණා වගෙ එකක් එතන තියෙනව කියල හිතෙනව..

ඔය අතරතුරේ හෙට අනිද්දට ආදරවන්තයින්ගේ දවස එනවා. ඒ කියන්නෙ මියගිය වැලන්ටයින් සාමිට පින් සිද්දවෙන්න විය්‍යාපරික ප්‍රජාවට හොද ව්‍යාපාරික අවස්ථාවක් ලැබෙනවා. සැබෑ ආදරය හෝ බොරු ආදරය භාණඩයක් විදිහට වෙළෙදපොල ආක්‍රමණය කරල වටිනාකමක් එක්ක විකිණෙනවා. ආදරේ වැඩිවෙද්දි ඕනනම් පොඩි ඩිස්කවුන්ට් එකක් ඇඩ්වෙන්නත් පුළුවන්. කොටින්ම කියනව නම් නිදහස් නිවහල් ජාතියක් කියන අපිට වැලන්ටයින් කියන්නෙ බටහිර සංස්කෘතියේ කොටසක් කියල අපිට අමතකවෙනවා. කොටිනම සිනමාහල්වල බොක්ස් එකක් ඇතුළේ ආදරය හොයනව කියන්නේ ඉරාජ් සමහන් පැකට් එකෙන් ගොඩ ගිහින් සැබෑ ආදරය ඇත්තටම විහිලුවක් වෙලාද කියලත් හිතෙනව.

ඔන්න ඒ අතරේ නිදහස් උත්සවයට කලින් දවසෙ හදිසි වුවමනාවකට මම ගාලුපාරේ කොළඹ බලා යන බස්රථකට ගොඩවෙනවා කොටුවට යන්න.
කොල්ලුපිටියෙදි ගාලුමුවදොර හරහා යන සියලු වාහන නවතා විකල්ප මාර්ග බාවිතා කරන්න කියල හදිසි මාර්ගබාදකයක් දානවා.නිදහස් උත්සවයෙ පෙර පුහුණුවක් ඒ වන විට ගාලුමුවදොර පිටිය අසල ක්‍රියත්මක වෙලා.මුහුණ පාන්නට සිද්දවෙන අනපේක්ශිත සිදුවීමෙන් පසු බස්‍ රථයේ රියදුරා තම රිය ටවුන්හෝල් හරහා මරදානෙන් කොටුව පොද්ගලික බස් නැවතුම්පොළ වෙත බස් රථය ගෙනයනවා. දුර ධාවන බස් රථයක පැමිණෙන සියලු මගීන් කොළඹ පිලිබඳ හොද අවබෝදයක් නැති පිරිසක් ඒ අතරේ ඉන්න තරුණියකට තමන්ගෙ ජීවිතේ පළමුවෙනි සම්මුඛ පරීක්ෂණයට යාමට අවශ්‍ය මාර්ගය මග හැරෙනවා. වියපත් මවත් සමඟ ඇය කදුළු පිරි දෑසින් කතා කළ යුත්තේ කාටද යන්න සිතා ගත නොහැකිව අසරණ වෙනවා.කොටින්ම කතා කිරිමේ නිදහස ගැනවත් ඇයට අමතක වෙනවා.

හැබැයි මේ සේරම සිදුවීම් එක්ක මාර්ග් සකර්බර්ගෙ අවධානය වැදගත් යැයි අපිට හිතෙනවා. අන්න ඒ වෙලාවට අපි බටහිරකරණයට කොයිතරම් නැඹුරුද කියලා නිකමට හිතන්න වෙනවා.මෙන්න මේ වගේ තවත් හුඟක් කාරණා එක්ක මගෙ හිත අර සහොදරයගෙ ෆේස්බුක් සටහන වෙත යනවා. "සැමරීමට තරම් නිදහසක් නොමැත" කියලා මටත් හිතෙනවා. හැබැයි මම කියන මේ දේ ගැන ඔබේ අදහස ප්‍රාකශකරන්න ඔබට නිදහස තියෙනවා.


කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...