සිසිරයේ අග්ගිස්ස ඒ කියන්නේ තවත් ඝෘතුවක ආරම්භය, වෙනදට නං මං ආසාවෙන් මග බලන දවස්, ඒත් මේ වතාවේ එහෙම නෑ මට හිතෙන්නෙම මේ සීත කාලේ තව දිග උණානම් හොදයි. මට ඕන උනේ මේ හිම කබාය පොරොවගෙන මේ විදිහට දිගටම නිද්‍රාවක තනිවෙන්න.. මං දන්නවා වසන්තය එක්කම පරණ මතකය ආයෙත් දළු දාන්න ගන්නවා.. සිසිරය එන්න කලින් එකින් එක බිදිලා ගිය බැමි... එයා කොහොම ඒ තරම් ඉක්මනට ඒ විදිහට මගේ ග්රහණයෙන් මිදුනද කියලත් හිතෙනව. බාගදා එයාට එහෙම කරන්න සිද්ධ වෙන්න ඇති.. ඒත් එයාට තිබුණා ඒ තරම් මට ලං නොවී ඉන්න.. ඒ තරම් සමිප බැදිමක් බිදුණම මට දරාගන්න බැරි බව එයාට උණත් තේරුම් ගිහින් තියෙන්න ඕන.. මොනව උණත් ඒ හිටපු කාලෙදි එයා එක මොහොතකවත් මාව රිද්දුවේ නෑ.. මගේ වටේ එතෙමින් දවස ගානෙම එයාගේ ග්‍රහණයට මාව නතු කරගත්තා. ඉදපු ගමන් පිටිපස්සෙන් ඇවිත් මාව වැළද ගන්න පුරුද්දක් එයාට තිබුණා..ඒ වෙළාවට ඒ උණුසුම් හැගීම විදගන්න මම නිහඩව හිටිය එක එයාට දරාගන්න බැරිවෙන්න ඇති.. එත් මං ගැණු හිතක් තේරුම් ගන්න බැරි නරුමයෙක් නෙවේ නේ.. එයා උණත් දන්නවා මං හරි දුර්වල හිතක් තියෙන කෙනෙක් කියලා.. අනිත් අයගේ බර උහුලන එක ගැන නම් එයා හැමදාම නොක්කාඩු කිව්වා.. ඔව් හෙවනක් හොයාගෙන එන අය එක්ක ඕනවට වඩා ළෙන්ගතුවෙන පුරුද්දක් මට තිබුණා කියල මම පිළිගන්න ඕන.. ඒක ලොකු දුර්වල කමක්..ඒත් එයා දන්නවා මං කෙලින් තීරණ ගන්නෙ කියලා.. අපි ඒ ගැන වාද කරල ඇති ඕන තරම් එයා කියන්නේ ළගටම වෙලා වැළදගෙන ඉන්න එයාට වඩා අරම එන අයට මම ළං වෙනවා කියල. එයාගේ ලෝකේ මම විතරක් වෙලා එයා මගේ වටේ එතෙනව මම එහෙම ගල්වෙලා පොළොවට මුල් ඇදලා අර අහසෙ වළාකුළුවලට ඉහළින් පියාඹන්න තියෙන ආසාව හංගගෙන නිහඩ හැගීම් සමුදායක් එක්ක සටන් වදිනවා..
ඒත් මගේ හීන වලට දුර මට එයාගේ ඒ කරදරකාර ලෙන්ගතු කම දැනෙන්න ගත්තේ ඒ පුංචිම පුංචි මල් පොහොට්ටුවලින් එළියට ඔලුව දාලා බලපු දවස්වල ඒ මල් මගේ මුලු සිරුරම වසාගෙන සීරුවට පිපෙන්න ගත්තා.. මම දන්නව එදා ඉදන් සමනළ්ලු උනත් එන්න ඇත්තේ මට තියෙන ආදරේකට නෙවෙයි කියල.. ඒ උනත් පියාඹන්න තියා මුල් ඇදපු තැනින් හෙළවෙන්නවත් බැරිව ඉන්න මට මේ පියාසරණ පුංචි මල් පෙති මං වටේ කැරකෙන්න ගන්න එක. මගේ පුරුද්දක් තිබුණා මට නැති දෙයක් වෙන කෙනෙක්ට හරි ලැබිලා නම් ඒ දෙෙ බලලා සතුටු වෙන එක.. එයෙ ඒ දවස්වල නිතරම වගේ ගැටටුම් ඇතිකරගත්තේ මේ හැගීම ගැන කියලා.. ඒත් මේ සීතග තනිකම දරාගන්න බැරි කාලෙක රණ්ඩුවෙන්න හරි එයාට ඉන්න තිබ්බා.. හිම ඇරුණු කොට මේ සීතල තනියම විදගන්න වෙච්ච එක එක අතකින් යථාර්තය කියවීමකට ජීවිතාවබෝධයකට හොද අවස්තාවක් කියන එක මේ වෙද්දි මං තේරූම් අරන් හිටියේ.. දුෂ්කර කාලවලදි තනිවෙන්න වෙනවා.. අඩුම තරමේ අල්ලපු මායිමේ හිටපු දේවදාර ගහටවකත් මං වෙනුවෙන් කතාකරන්න පුලුවන් කමක් නෑ කියන එක මම තේරුම් ගත්තා.. මට වගේම ඒ අයටත් දුෂ්කර කාලවලට මුහුණ දෙන්න වෙලා තිබුණා.. මේ සීත කාලෙන් පස්සේ උණත් මම තනියම ඉන්නවා කියන දැඩි අධිෂ්ඨානෙක මම හිටියේ.. තේරුමක් නැති බැදීම්වල වෙහෙසකර අවසානයට මම කොහොමත් අකමැතියි.. පොලොව උනත් ගහක් අල්ලන් ඉන්නේ මුල් ශක්තිමත් කාලෙ විතරයි.. ඒ නිසා අඩු සමාජ ආශුයක් එක්ක ඊලග වසන්තය පුරාම හුදකලාවෙන්න මම හිතා ගත්තා
ඒ හුළග කියන්නේ මේ සිසිරයත් ඉවරයි කියල.. හිම උණත් දියව වෙවී වැක්කෙන්න ගත්තා. හරිම ඉක්මනට උණුවෙන හිත්.. පව්.. මං මටම කියාගත්තා. ඔය එක්කම ආයෙමත් මගේ කකුලකට කවුරු හරි තට්ටුකරනවා වගේ දැනුණ නිසා නිකමට පහල බැලුවා.. ආයෙමත් පුංචිරෝස වැලක් මාව බදාගන්න දෑත් වදාහාගෙන හිටියා.. ලේන් ජෝඩුවක් ඒ වෙද්දි අත්තක කූඩුවක් හදලා තිබ්බා.. තවත් අතු කිහිපයක් කුරුලු පවුල් දෙක තුනක් කුලියට ඉල්ලගෙන ආවා.. අර මගේ දුර්වල හිත ආයෙම ඒ අයට ඉඩ දෙන්න කිව්වා.. මං නිහඩව ආයමත් අර පුරුදු නිරාමිස සතුට වෙනුවෙන් නිහඩ උණා..
#නිශ්
Wednesday, November 23, 2016
මුද්‍රණ දෝශ සහිත ප්‍රේමයකි
හිතවතිය
හිදිසියේ පහළ වූ ප්‍රේමයකි
සෝදුපත් බැලීමට නොහැකිවුණ
ඉතින් මුද්‍රණ දෝශ සහිතව
ඔබ ඉදිරියේ මුද්‍රිතය
සමාවන්න..
ඇතැම් තැන් අපැහැදිලි මුත්
වෙහෙසකර කියවීමකින්
වටහා ගැනිමට පහසුය
එසේත් නැතිනම්
අතට ගෙන ගුලි කොට
ඉවතලිය හැකිය
ඔබට රිසිලෙසකි
බලකීරීමකින් තොරව
නිහඩවීමද යෙහෙකි
මදුිතව ඇති බැවින්
මකාලිය නොහැකි
ඉවත ලූ පසුවුවද
ඔබ කෙරේ පවතිමි
#නිශ්
මේ විසල් අහස යට

මේ විසල් අහස යට
කොයිතරම් දෑ තිබෙනවාදැයි
නොදැන
අමාවක රාත්‍රීවල පවා
සද හොයන එක පුදුමයෙක
ඉටිපහන්..
ප්‍රියය, ඔබ මා අසල හිද
රැයක නිදිවැරුම,
මා දවා අළු කලද සැපතැයි නොකියන,
දැවෙන්නට කල් බලන
ලගින් ඉන්නැයි ඉගි කරන
කෑලී කැපිය හැකි අදුරක
ඇතැම් විට කුඩා අලෝකයක්ව
ඇසට හසුනොවන ලෙස පවතින
හෘදයෙහි ඇතුළත කපාටයක
වේදනාවක්ව දැල්වෙන නුඹය
අහම්බයකින් බොරපාට ඇස් අගින්
දුක පිටාර ගැලිය හැක
මහා ජල කදක් නොවුවද
ගිලී මිය යා හැකිය
#නිශ්
Tuesday, November 1, 2016
වෘතාකාර මාර්ගය
මේ වෙනකොට මම වෘතාකාර මාර්ගයක කිසිම අරමුණකින් තොරව ඇවිදිමින් හිටියේ වෙලාවක්, දිනයක් ගැනවත් කිසිම දැණුවත්වීමකින් තොරව. අමතකවෙලා. කොටින්ම කියනවනම් මට මාව පවා අමතක වෙලා කියල හිතුණා. ඒ වෘතාකාර මාර්ගයේ මධ්‍ය ලක්ෂය, ආරම්භය, අවසානය මේ මොකකුත්ම ගැන කිසිම අදහසක් ගන්න බැරිව මම හිටියේ. ඒ මාර්ගයේ ඒහෙමත් නැත්තනම් වෘතයේ බිත්තිය අයිනෙන් මම ඇවිද්දේ. රෝස පාටයි සුදු පාටයි තීන්ත මාරුවෙන් මාරුවට ගාලා තිබ්බා.. නිකම් වළල්ලක් වගේ. ඒත් ඇත්තටම මොකටද මම මෙහෙම ඇවිදින්නේ කියන එක ගැන කිසිම අදහසක් ගන්න බැරිව තමයි මම දන්නැතුව ගමන් කරමින් හිටියේ.
තව දුරටත් මෙහෙම ඇවිදින එකේ තේරුමක් නෑ කියල තේරුම් අරන් තිබ්බත් මේ වෘතයෙන් එළියට යන්න විදිහක් හොයා ගන්න මට බැරිවුණා. අඩුම තරමේ මහන්සියක් කියල දෙයක්වත් දැනෙන්නැති තරමට මම ව්‍යාකූල වෙලා.. මෙහෙම ඇවිදින අතරේ එක පාරටම කකුල පැටලිලා වැටෙන්න යද්දිම තමයි මම කකුල පිටිපස්සට ගත්තේ. මම එහෙමම අඩි කිහිපයක් පිටිපස්සට ගිහින් සුදුපාට බිත්ති කෑල්ලට අත තියල අත උඩින් ඔලුව තියා ගත්තා. ඒත් එක්කම මට මාවම බිත්තියෙ ඇතුලින් දර්ශණය උූණා. අත උඩ පුංචි බෑග් එකක් තියාගෙන හැගීමකින් තොරව මම ඒ දිහා බලන් හිටියේ.. මෙච්චර කාලයක් ඇවිදපු මට මාවම හරි පෙනුනේ මේ පළවෙනි වතාවට. ඒ සතුට නිසාම මම ඔලුව උස්සලා වටේට කැරකුණා.. දෙයියනේ හිතාගන්න බැරි දෙයක් සිද්ධවෙලා.. අර මම කියපු සුදු පාටයි රෝස පාටයි බිත්ති කොටසින් කොටසේ නොයෙක් රූප රාමු දර්ශණය වෙන්න පටන් අරන් තිබුණා.. ඒ රූප රාමු චිත්‍රපටියක් වගේ එක පෙළට පෙණුනා. මම ඉස්සරහට ඇවිදින එක නවත්තලා ආපහු පිටිපස්සට ගිහින් ඒ රූප රාමු ටික බලන්න තීරණය කළා.
ඊළගට තිබ්බේ රෝසපාට බිත්තියක් එකේ රූප රාමුව චලනය වෙන්න ගත්තා.. ඒ හිටියේ එයා.. ඔව් එයයි එයාගේ යාලුවයි බස් එකෙන් බැහල එනකල් මම පාරේ අයිනේ හිටගෙන හිටියා. එයා යාලුවත් එක්ක ඇවිත් බිම බලාගෙන මාව පහු කරල ගියා. එයාගේ යාලුවා ඇවිත් මගේ අතට බෑග් එකක් දුන්නා පුංචිම පුංචි ලවර් බෑග් එකක්. ඒක දීලා එයාලා ගියා.
මම හිමීට අනෙක් රූප රාමුව ළගට ගියා. මම හිටියේ ගෙදර සාලේ පුටුව උඩ වාඩිවෙලා. කකුල් දෙක ස්ටූල් එක උඩ තියාගෙන ගෙදර අය එක්ක ටීවි එක බලන ගමන්. මම ෆෝන් එක දිහා බලන් හිටියේ එයාගෙන් උත්තරයක් එනකල් ඔව් උත්තරේ ආවා. "මට යන්නම වෙනවා අයියේ.." ඒ උත්තරේ තිබ්බේ එහෙම. මම කිසි දෙයක් හිතාගන්න බැරිව ගල් ගැහුණා.. එයා නොදැක ඉන්නවා කියන හැගීම මාව පුදුම විදිහට අසරණ කරා.. අප්රකාශිත ආදරයක් උණත් ඒක පපුවේ ගැබුරෙම තැන්පත් වෙලා තිබුණා.
"කවදද යන්නේ?" මම ඇහුවේ අහන්න ඕන නිසා.
"එක්ස්සෑම් ඉවර වෙලා සතියකින්.. "
"අනේ ඊට පස්සේ මට ඔයාව බලන්න බැරිවෙනවනේ"
"කරන්න දෙයක් නෑ අයියේ මම දැණුත් හොදටම අඩනවා. ඔයාව, ගෙදර අයව, යාලුවන්ව, මේ ගම සේරම දාලලා යන්න වෙනවා." එයා එහෙම කියද්දි මගේ ඇස්වල කලුළු පිරුණා.
"මට දෙයක් ඉල්ලන්න පුලුවන්ද?" මම ඇහුවා.
"ඉල්ලන්න. දෙන්න පුලුවන් දෙයක් නම් දෙනවා.." එයා කිව්වා. ඔයාට පුලුවන් මොකක්ද කියන්නකෝ ඉතින්.. මුලින්ම මම ඔයාට කතා කරන්න හේතුවෙච්චදේ මතකද මම ඇහුවා.
"ඔව්..."
"ඒක ඔයාට ඕන කියලද කියන්නේ.." එයා ඇහුවා..
"ඇයි බැරිද?"
"පිරිමි ළමයි ඒවා පාවිච්චි කරනවද?" එයා ආයෙම ඇහුවා
"ඔයාට දෙන්න බෑ කියලද කියන්නේ.. ?"
"දන්නෑ.. චුට්ටක් ඉන්න මම යාලුවත් එක්ක කතා කරල කියන්නම්.."
විනාඩි පහකට පස්සේ ආයෙම එයා මැසේජ් එකක් එව්වා.
"අයියේ හෙට බස් එකෙන් බැහලාඉන්න මම ගෙනත් දෙන්නම්"
මම ඇස් පියාගෙන හිටියේ ගෙදර හැමෝම ඉස්සරහා ඇඩෙයි කියල බයට.. ආයෙම එයාගෙන් මැසේජ් එකක් එව්වා..
"අයියේ.."
"කියන්න.."
"උදව්වක් කරනවද?.."
"ඔයා දන්නවනේ ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා"
"එච්චර ලොකු දෙයක් නෙමේ.. හැමදාම හවසට වැඩ ඇරිලා එද්දි මගේ ටෙඩි බබාට ගුඩ් නයිට් කියල යනවද.. එයාලට මම හැමදාම ගුඩ් නයිට් කියනවා.. ලබන සතියේ ඉදන් මම නෑනේ.. ඔයාට පුලුවන්ද?"
"පොරොන්දු වෙනවා.."
"මගේ හොද අයියා.."
මෙච්චර වෙලා හිර කරන් ඉදපු කදුළු බින්දු දෙක ඇස්වලින් පැන්නා.. ඉකි ගැහෙන්න කලින් ස්ටූල් එකත් පෙරලගෙන මම කාමරේට ගියා දොරවහගෙන හොදටම ඇඩුවා.
ටික වෙලාවකින් මට කම්මුල තෙත් වෙනවා දැණුනා මූණ අල්ලලා බැලුවම කදළු බින්දුවක් කම්මුල දිගේ පහලට වැක්කෙරුණා. මම මූණ පිහදාගෙන ඔලුව ඉස්සුවාරෝස පාට බිත්තියේ මම ඇදට වෙලා අඩන රූපේ ලාවට බොදවෙලා මැකෙමින් තිබුණා.. මම මුලින් දැකපු රූපෙ තිබ්බ සුදු බිත්තියෙන් රූප රාමුව අයින් වෙලා බිත්තිය පැහැදිලිව පේන්න තිබුණා. මම හෙමින් හෙමින් අනිත් රූප සේරම බලන්න ගත්තා. ඒ හැම රුපයකම හිටියේ අපි දෙන්නා. ගොඩක් වෙලාවට මැසේජ් කර කර රණ්ඩු උණා. විහිලු කරා. එයා කතන්දර කිව්වා. කොටින්ම ආදරෙයි කියන වචනේ ඇරෙන්න අනික් හැමදේම කියාගත්තා..
මම දිගටම ඇවිද්දා.. එකින් එකට රූප රාමු බල බලා ඇවිද්දා. වෙලාවකට අපි හිටියේ එකම බස් එකේ එක ආසන්න ආසන වල. අපි කතා නොකර කෙටි පණිවුඩ හරහා එක ලග වාඩිවෙලා හිටියේ.. ආදරේ කියන වචනේ ඇරුණම අනික් හැම වචනෙකම ආදරේ පිරිලා..පපුව මොකක්ද හැගීමකින් බර වෙද්දි මට ජීවිතේ දැනෙන්න පටන් අරන් තිබුණා. මම ඉවරයක් නැතුන් ඇවිද්දා. ඒ සේරම රූප රාමු බලන්න ආසාවෙන් ඇවිද්දා.. මේ වෙද්දි හුගක් දර්ශණ ඉවරවෙලා අන්තිම හරියට කිට්ටු කරලා මම හිටියේ.
ඇවිදගෙන ඇවිදගෙන ඇවිල්ලා මම අන්තිම දර්ශණ දෙකට ළගා වෙලා තිබුණා. මේ වෙද්දි අනිත් සේරම දර්ශණ මැකිලා රෝස පාටයි සුදුපාටයි බිත්තිය හොදට මතුවෙලා පේන්න තිබ්බා. මේ වෙද්දි මම අවසාන දර්ශණය කලින් දර්ශණයගාව නැවතිලා ඒක බලමින් හිටියේ.. මම හිටියේ බස් එකක සීට් එකේ ඉස්සරහා සීට් එකක වාඩි වෙලා. එයාලා හටියේ අන්තිම සීට් එකේ. මම ඒ පැත්තක්වත් බැලුවේ නෑ. අඩුම තරමේ ඔලුව උස්සල බස් එක ඉස්සරහවත් බැලුවේ නෑ. මොකද මම දැනන් හිටියා ඊයේ අපි දීපු බයිට් එකට අද මට රිටන් එක හම්බවෙනවා කියලා. ඊයේ හයියට හිටපු අයියත් අද ඇවිත් නෑ. මම නිකන් මැටි පිලිමයක් වගේ ගල් වෙලා හිටියේ.. ඔන්න එයා බහින තැන කිට්ටු උණා. ඒ එක්කම පිටිපස්සේ සීට් එකේ සද්දේ වැඩි උණා. මම බිම බලාගෙන හිටියේ. මට දැණුනා එයා නැගිටලා එනවා. එයා මං ලගට කිට්ටුවෙද්දිම බස් එක තිරිංග තද කරා. එයා විසිවෙලා ඇවිත් මගේ සීට් එකේ ඇන්ද අල්ලගෙන බේරුණා. ඒ ඒකකම පිටිපස්සේ සීට් එකේ හිටපු එයාගේ යාලුවෝ හයියෙන් හිනා උණා. එයා කලබලෙන් අල්ලන් හිටපු මගේ උරහිසින් අත අරන් බිම බලාගෙන හිනා වෙලා ලැජ්ජාවෙන් බැහැලා ගියා...
මම කර අල්ලා පිටිපස්ස බලලා ආයෙම අන්තිම රූප රාමුව ලගට ගියාඒ වෙද්දි අනික් සේරම දර්ශණ මැකිලා බිත්තිය පැහැදිලිව පෙන්න තිබ්බා.මම අන්තිමට නැවතිලා හිටියේ රෝස පාට බිත්තියක් ලග ඒ කිය්නනේ මේ සේරම දර්ශණ පටන් ගත්ත තැනට කලින් හරි පස්සේ හරි තියන තැන.. කෙටියෙන්ම කියනව නම් වෘතාකාර ගමන් මාර්ගයේ ආරම්භක ස්ථානය.. එක්කෝ මේ ඇවිදිල්ල පටන් ගත්ත තැන හරි ගමන ඉවර වෙන තැන හරි. ඒත් හැම තැනක්ම එක වගේ නිසා මට හරි නිගමනයකට එන්න බැරිවුණා. කොහොම හරි මම කල්පනා කරන එක නවත්තල ඉතුරු රූප රාමුව බලන්න තීරණය කරා.
අන්තිම දර්ශනෙත් බස් එකක. මම හිටියේ පිටි පස්සේම සීට් එකේ වාඩි වෙලා. ඉස්සරහා සීට් එකේ හිටපු ගෑනු ළමයා අතේ තිබුණ වළල්ල කරකව කරකව වාඩිවෙලා හටියා. ඒක රෝස පාටයි සුදුපාටයි මිශ්‍රවෙච්ච එකක්.. මම ඒ දිහා බලල දැක්කෙ නෑ වගේ අහක බලා ගත්තා.
#නිශ්
Subscribe to:
Posts (Atom)
කතන්දර අකුරු
'මා දුටු ළමා දිනය'
ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දොළහ...
-
අප්සරා කණ්ඩලම වැව ඉහැත්තෑවට උඩින් බැස යද්දි හැන්දෑවේ ඉර මඩල මං තාම අදිනවා උබෙ උවන මට මතක විදිහටම හිණාවුන වැව් බැම්මේ වැතිර අප පෙර ව...
-
. ඔබ දුන් පොරොන්දු සියල්ලස මාවන්නැයි වචනයට පෙරළුනි මා සමා දුන් පසුව ඔබ මගෙන් නික්මිණ සියල් සමුගැනීම් මැද මා ශක්තිමත් වූයෙමි ඔවු! ශක්තිමත් ම...
