Monday, July 24, 2017

පුංචි ඇස් හීනිකර බලන
නෝක්කාඩුවට කට හදන
අද මොකද මේ හැටිම පරක්කුයි
උරහිසට අත මිටින් ගුලිකොට අනින

ඔයා දන්නැතුවට
ඕෆ්වෙන වෙලාවට හවසට
පරිගනක තිරෙන් එබෙන
ඉක්මනින් එන්නැයි බලකරන
ඔය මූණ
දැන් ඉතිං පුටුවකට බරව
ඔහොම කනවද තනියම
මගේ බෑගෙට බසින හවසට
කලුකොන්ඩාකාරිය
මං කැමති ඔයා හදන තේකට
බුන්දිත් ඕනනම් හදන් එනවද විගහට
හුරතල්ව උරහිසට බරවෙන
ඉතිං නොහදා කොහොම ඉදහිට
ඔබ කැමති
වෙන කවුරුවත්ම
කැමති නැති
තේ එක
#නිශ්
බස් ටිකට්ටුව තමයි භයානක
පිරිමි වොලට්ටුවක
ඉතුරු උණ
ඒ තමයි අවසාන හමුව
බස්රියක ගමන්ගිය
මැණිය හැකි දුර
මීටර, කිලෝමීටර ලෙස
එකම ළග අසුනකදි
මන්දාකිණි කිහිපයක
දුර දැනුණ

ඉක්බිතිව
තනිව යා යුතු ගමනක
අවලංගු ටිකට්පත තනියට
හේතුවක් නැතුවම
පිරිමි වොලට්ටුවක
පැත්තකට වන්නට හිරව
අන්තිමට
තැබෑරුම් කොනක
අදුරු මුල්ලක
මිතුරන්ගේ කරමතින්
‍නිවසට
බස් ටිකට්ටුව තමයි භයානක
පිරිමි වොලට්ටුවක
ඉතුරු උණ තනියට
#නිශ්
වසන්තය,
නුඹ පැමිණි පසු
මල් පිපෙන එක පුදුමයෙක,
අතැරයන බැව් දැන දැනම
අතර මග

ඉන් පසුව,
ඝෘතු කිහිපයක් එක දිගට
නුඹ නැතිව..
ගල් ගැසෙන එක තමයි
අමාරුම
වසන්තය,
පැමිණි බව නොකියාම
මල් පුබුදුවන එක හරිද?
දැන දැනම අතර මග
බිම අතැර රිදෙන වග
#නිශ්
මේක නම් මහම මහ පිස්සුවක්
කන්තෝරු ජනේලෙන් හිස ඔබා
කලු පැහැති වළාවකි ඔරවන
කලු කුඩේ බෑගයට දමාගෙන
එළි බහින්නයි කියා...
විදුලි සැර,
ගර්ජනාවකි කන් පුපුරවන

ඇස් වලින් ගෙනා එළි පෙම් හිනා‍
මන්දාරමත් උණුසම්ය සුවදෙනා
රත් පැහැති දෙතොලකින්
කොපුල් තල තෙම තෙමා
ඉස්සරම දවස් වල
ඉල්ලුවෙම වැහි හිනා
මියුලැසිය සිත් අහස හඩව හඩවා
සමුගත්ත හැන්දෑව සිහිනයකි
මල් පවා පිපෙන්නැති සේපාලිකා ගහකි
ඇහැරෙද්දි මං රෑට හිත් මලුවෙ පාලුවකි
හිරිකඩත් සැපක් යැයි
කියා ලිව් කවිත් බොරුවක්
නුබ නේන උදෑසන උවත්
වැහි නැතත් තිත්ත කලුවරක්
මේක නම් මහම මහ පිස්සුවක්.
#නිශ්
ඇතැම් විට,
ආදරය කියන්නෙත්
නොහැකි බව දැන දැනත්
වළාකුළු අල්ලන්න
සරුංගල් යවන එකටය..

අහස ළං නොවුන විට
සුළං පාරට හසුව
කරකැවෙන එකටය..
අවසන
නූල් බන්ධනයෙකින් මිදී
ඔහේ පාවෙන එකටය..
#නිශ්
උස් පහත් නොවන මුත්
ළමැකි අර කදු ගැටිති
රූරා වෑහෙන කිරෙන්
ඈත බිම් සරු කරති

කළු වලා හදන්නෙම
ළමැද සිඹ බලන්නයි
කන්ද පාමුල පිපෙන
පුංචි මල් කෑ ගසති
මවු ඇකෙන් බැස අවුත්
දුවන පොඩි දිය කඩිති
අරමන් වන බවක්
දැනම මුහුදට පනිති
රෑයේ ගත වසා හුන්
සීත සුදු සළු ඉරා
චණ්ඩ හිරු රැස් ඇවිත්
කන්ද නිරුවත් කරති
#නිශ්
එකම එක අකුණකුත් ඇති
කළුම කළු අහසකට
හොදෝටෝම අඩන්නට
මම මගෙම හිතාගෙන
නුඹ නමට ලියපු කවි
පොතින් පිටු කිහිපයක්
ඇවිත් අරගෙන යන්න

ලස්සනම කවි වලින්
කිහිපයක් ඉතිරිකර
දෑස් නොගැටෙන ලෙසින්
මාව මග හැරයන්න
ඉන්පසුව මට ඇහැකි
පැය දවස් ගෙවෙන හැටි
නොදැන ජීවත් වෙන්න
නුඹ නමට නොල‍ී කවි
කිණිසි එකිනෙක අරන්
පපු ගැඹුරේ සියුම් තැන්
පාරන්න
#නිශ්

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...