අප්සරා
කණ්ඩලම වැව ඉහැත්තෑවට උඩින්
බැස යද්දි හැන්දෑවේ ඉර මඩල
මං තාම අදිනවා උබෙ උවන
මට මතක විදිහටම හිණාවුන
වැව් බැම්මේ වැතිර අප පෙර වින්ද ඒ සුවය
දැනෙනවද කසුප් රජු ලග උබට ඒ වගෙම
වාසලෙන් ඇහෙන ඒ හිරි වැටෙන කතාවල
උබේ රුවත් තියෙනවලු සීගිරියේ ගල මුදුන
සුදු නෙළුම් කැකුළු මල් ලෙස පෙණූන තිසරු යුග
රතු නෙළුම් මල් මිටෙන් වසාගෙන හිනාවෙන
ගම්මු ඇවිදින් කියන අගේ කර උබේ රුව
සීගිරියේ පරුවතේ තිබ්බා වැනි පපුව උඩ
ලතාවට කියාගෙන කවි පේලී ගොත ගොතා
වේලී උන් හැටි තවම මාවාගෙන මම තනිව
කොහොම ඇන්දත් සතුටකින් පිරුන උබෙ උවන
කදුළු බිදු දෙක තුනක් ඇදෙනවා මයි නිතර
වලාකුළු සළුපටෙන් තවාගෙන නෙත් තෙමුණ
සුසුදු සදවතිය මට පේනේනේ ඒ උබද
ඔය ලෙනින් නික්මිලා උබ යළිත් එන දාක
සද මඩල යට මියෙමු යළිත් නූපදින ලෙස
නිශ්#
No comments:
Post a Comment