හැන්දෑවේ පහයි.. තිබ්බ හදිස්සි වැඩ ටික ඉවර කරලා දාලා මැෂින් එක ෂට් කරල.. බෑග් එකත් අරන් එළියට එන්න හදද්දි මතක් උණේ ෆින්ගපිරින්ටි තිබ්බේ නෑනේ කියලා.. ආයේමත් ලැබ් එක ඇතුලට දුවලා ෆින්ගර් පි්රින්ට් එක තිබ්බම සොරි ට්‍රයි අගේන් කියපි.. මිනිස්සු ඉස්සරහා එළියට එන්න හොද නැති වචන ටික සේරම ගිලගෙන මම දුවගෙන ආවේ බස් එක මිස් වෙයි කියලා බයට.. බණ්ඩාරවෙලින් 5.20 බස් එක මිස් වුණා කියන්නේ ඉතින් සොරිම තමයි.. ගමට යන අන්තිම බස් එක.. දැන් කොළඹ ඇවිත් ගම බණ්ඩාරවෙල කිව්වට ගමට යන්නත් පැයක් දෙකක් යනවා ටවුන් එකේ ඉදං.. ඕවා කියලා නිකං නොන්ඩි වෙන්න ඕන නැති නිසා ගම බණ්ඩාරවෙල කියනවා.. අන්න ඉතින් ට්‍රැක් එක මාරු වුණා.. දුවගෙන යද්දි බස් එක හොල්ට් එකෙන් අද්දනන්න ඔන්න මෙන්න.. ශේප් එකේ දොරේ එල්ලුණා බස් එක අද්දනවත් එක්කම වගේ.. දැන් ඉතින් ඇතුලට රිංග ගන්න සෑහෙන්න ගේමක් දෙන්න එපැයි. මේක අන්තිම බස් එක කිව්වට සිලොන් ටකරන් බස් වලත් තියෙන පොඩිම එක. තනි දොරේ ලේලන්ඩ් එකක් අස්සේ ටින් මාලු පැක් කරා වගේ ඔෆිස් ඇරිලා යන අයයි. ක්ලාස් ඇරිලා යන අයයි. ෂොපින් ගිය අයයි. නෑගම් යන අයයි සේරම පැක් වෙලා යනවා.. දෙයියනේ කියලා කොන්දොස්තර අයියා තව අත පය දාන සේරමත් මගින් බස් එකට දාගන්නවා.. ඔෆිස් ඇරිලා ගෙදර ගියාම නිකං කුඹුරක් තනියම කොටලා ඇගට එන ගැම්ම තියෙන්නේ මේ බස් එකේ ගියාම.. දියතලාවෙ බස් එක නවත්තලා විනාඩි 10ක් විතර තියෙනවා. කට්ටිය ඉතින් බැහැලා කරලා ටිකක් හුළං එහෙද බිලා දෙවන අදියරට සෙට් වෙනවා.. ඒ අස්සේ සුදු ඇදුම් ඇද ගත්ත නංගිලා සෙට් එකක් බස් එකේ පිටිපස්සේ ඉදන්ම ඇවිත් බැස්සා.. බැහැලා ගිහින් එහා පැත්තේ කරත්තෙන් සමෝසා ග්නනවා.. බස් එකේ ඇන්ටිලා ඇස් ගෙඩි එළියට දාගෙන කන්න වගේ බලන් ඉන්නවා... ඇත්තනේ අච්චර අමාරුවෙන් පැක්වෙලා ඇවිත් පිටිපස්සේ ඉන්න උන් බස් එකෙන් බහිනකොට දැනෙන සනීපේ මෙහෙමයි කියන්න බෑනේ.. ඒත් දෙයියනේ කියලා නංගිලා ටික නම් සමෝසා ටිකත් අරන් බස් එකට නැංගා.. ආයේ ඉතිං යාපනේ දවස් 3 4ක ට්‍රිප් එකක් ගියා වගේ ඇති..මොනා උණත් වැදගත් කමට හැදිච්ච ළමයි ටික..

Aneh....dewiyane...
ReplyDeleteදිගටම කියවන්න ප්රභාවි <3
Deleteedeneda jivithedi unath muna denna wena dewal rahata liyanna puluwan hoda rasawathekuta ,hoda niramanakaruwekuta vitharai. me liyana vidiya niyamai nish..suba pathum ! , Jayawewa!!
ReplyDeleteස්තුතියි අයියේ.. කියවන්න දිගටම..
Delete