Thursday, October 27, 2016

කන්ථකගේ ආදරේ


නෑහීගෙන වැඩ කලත්
රජ ගෙයක ඉස්තාලේ
සසර පෙරුමන් පිරූ
පෙමක් වෙන්නැති පෑවේ

ගලාගෙන යන නදිය
වගේ බැදි ඇගේ ආලේ
හිත් පුරා තියාගෙන
ඇවිත් බැල්මක් පෑවේ

කියාගන්නට බැරිව
හිතේ තෙරපුන ආලේ
රස්සාවේ වැඩ නිසයි
කියන්නට කල් ලෑවේ

සසර දුක් නොවන්නයි
ආලයට පිටුපෑවේ
ලය පැලී මියෙද්දිත්
උබයි සිහියට ආවේ

කියාගන්නට බැරිව
මියෙන විට ගංදෑලේ
කන්ථකගේ ඇස් වලත්
වෙළඹකුයි ඒ හිටියේ

#නිශ්
 
 

No comments:

Post a Comment

කතන්දර අකුරු

'මා දුටු ළමා දිනය'

ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දො‍ළහ...