කාලයට තිබණා තව ටිකක් ඉවසන්න
මට ටිකක් ඉඩ දෙන්න
තාත්තගෙ ඔඩොක්කුවෙ
සරම් ඔරුවක බැහැල නැලවෙන්න
පන්සලේ පෙරහැරට
සෙනග අතරින් උඩට ඉස්සෙන්න
තාත්තගෙ කර උඩින් ඉදගන්න
රැවුල් ගස් මූණ මට සිපගන්න
හැන්දෑවෙ වෙලාවක
ජෝතිගේ සිංදුවක්
තාත්තගෙ කටහඩින් අහගන්න
බයිස්කෝප් කතාගැන කියවන්න
ඒ නැතත් දුක හිතෙන වෙලාවට
හිත හැදෙන්නට ටිකක් කියවන්න
ජීවිතේ ලස්සනම වරදකදි
අම්මගෙන් බේරන්න
මොකුත් කිව්වෙ නැතත්
නිහඩවම තේ එකක් හිස්වෙද්දි
අපිට පුළුවන් අපිව කියවන්න
ඉතින්...
කාලයට ඉඩ තිබුණා
අපිට තව ඉඩ දෙන්න..
නිශ්
බොහොම හැගීම්බර පද පේලියක්.
ReplyDeleteමූනු පොතෙන් පාර හොයාගත්තේ, ජය වේවා.
ස්තූතියි භාග්‍යා
Delete