Friday, November 13, 2020
එක් කුස නූපන් නිවුන්නු
උඩහා මිදුලේ විසල් සයිප්‍රස් ගස් දෙක අතර සෑඳූ බංකුව මත අපි බොහෝ වේලාවන් හිඳගෙන දොඩමළුවූවෙමු. රහංගල කන්දට මුහුණලා බංකුව මත වාඩි ගන්නා අප කන්දෙහි තිබිය හැකි භයංකාර දෑ පිළිබංඳ සංවාද වල නිරන්තර යෙදෙන්නෙමු. කන්දෙහි භයානක සතුන් මන්තර කරුවන් ඇතැයි අපි එකල විශ්වාස කළ මිත්‍යාවන් අතර මූලික තැනක් හිමි කතාවන් විය.බණ්ඩාර අයියාගේ වත්තෙහි ඇඹුල් පේර ගහෙන් කඩා ගත් ගෙඩි ඔඩොක්කුව පුරවාගෙන ගෙන එන ඇය මාගේ ඕනෑම කතාවකට උත්තේජනයක් සැපයූ එකම මිතුරිය විය. පාසල, ඉරිදා දහම්පාසල අමතර පංති හෝ ඕනෑම මල ඉලව්වක්ට අපි දෙදෙනාට දෙදෙනා නැතිව බැරිවිය. "එක් කුස නූපන් නිවුන්නු" ඇය අපේ සහෝදරත්වයට නමක් දුන්නාය. ජීවිතය හැල්මේ ඔහේ ගෙවා දමන්නට අපට බැරිවිය. ගිරාඹේ නැන්දාගේ සීනි බෝතලය අල්ලට හළාගන්නටත්. මාමාගේ පැණි බෝතලය අල්ලට හළාගන්නටත්, ඇය මට සහාය විය. තක්කඩි කමක් කර හසු වූ දිනක සූකිරි අයියාගෙ දඬුවම් වලට අප දෙදෙනාම යටත් විය. ඇය බොහෝ තැන් හී මා බේරා ගත්තා මෙන්ම මා හසුකොට බේරී පලා යන්නීය. ගණිත ලකුණු අඩු දිනවල අප දෙදෙනාටම ඉණි මගේ නංවා චකරය කට පාඩම් ගැනීම සූකිරි අයියාගේ දඬුවම විය. කුඩා අප දෙදෙනා වඩාත් බිය වූයේ එයටය. ඉද හිටකි අප අතරට කඩා පනින සීදේවී අක්කා අප දෙදෙනා තරහ කොට කුරිරු සතුටක් ලබන්නීය. පැය බාගයකට හෝ පැයකට පසු ඇය පරාජය වී අප දෙදෙන යළිත් මිතුරු වන්නෙමු. කාළය ගෙවී යන්නේ ජීවිතය වේගයෙන් ගෙවා දමමිණි. ළමා කාලය හුදකලා නොකළ ඇයට පරිච්චේදයක් හිමිවිය යුතුමය. අදටත් හොඳම මිතුරියව අත අතැර නොසිටින ඇයව දෑත දිගු කොට බදා වැළඳගමි. අපමණක් ප්‍රේම කරන බව පවසමි.
කඳුකරයේ සටහන්
Subscribe to:
Post Comments (Atom)
කතන්දර අකුරු
'මා දුටු ළමා දිනය'
ඊයේ හරි පුදුම දවසක් කියල හිතුනේ ඉස්සරහා ගෙදර පොඩි එකාගේ පාන්දර ඇහුණ කෑගැහිල්ලත් එක්ක. බොඩිමයි මිස්ටර් සමරසිංහගේ ගෙදරයි අතර දුර අඩි දොළහ...
-
අප්සරා කණ්ඩලම වැව ඉහැත්තෑවට උඩින් බැස යද්දි හැන්දෑවේ ඉර මඩල මං තාම අදිනවා උබෙ උවන මට මතක විදිහටම හිණාවුන වැව් බැම්මේ වැතිර අප පෙර ව...
-
. ඔබ දුන් පොරොන්දු සියල්ලස මාවන්නැයි වචනයට පෙරළුනි මා සමා දුන් පසුව ඔබ මගෙන් නික්මිණ සියල් සමුගැනීම් මැද මා ශක්තිමත් වූයෙමි ඔවු! ශක්තිමත් ම...
No comments:
Post a Comment